Sunday, July 06, 2025
Follow Us
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මැයි මුල සිට

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන මැයි පළමු සතියේ සිට ලබාදීමට බෝ නොවන රෝග පිළිබඳ විශේෂ කමිටුව තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව සඳහන් කර ඇත.

මෙරට පුද්ගලයින් 925242කට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

එන්නත ලබාදීම ඉකුත් ජනවාරි මස 29 වන දින ආරම්භ කළ අතර එය ඉකුත් 10වැනි දින දක්වා ක්‍රියාත්මක කෙරිණි.

(Aruna)