Saturday, February 07, 2026
Follow Us
දෛනික කොවිඩ් ආසාදිතයින් ගණනේ පැහැදිලි වැඩිවීමක්. මාස එකහමාරකට පසු 350 සීමාව ඉක්මවයි !

මාස එකහමාරක පමණ කාලයකට පසුව මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 350 ඉක්මවා යනු ඊයේ (18) දක්නට ලැබිණි.

ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 357ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඔවුන්ගෙන් 281 දෙනෙක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර 6 දෙනෙකු බන්ධනාගාර පොකුරෙනුත් සෙසු 70 දෙනා විදෙස් රටවලින් පැමිණි අය අතරිනුත් හඳුනාගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

අවුරුදු නිවාඩුවෙන් පසුව කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යෑමක් සිදුවිය හැකි බවට සෞඛ්‍ය අංශ මුල පටන්ම අනතුරු හඟවා තිබුණු අතර යම් සංචරණ සීමාවන් පනවන ලෙස ඔවුන් ඉල්ලා තිබුණත් එය සිදුවූයේ නැත.

(LNW)