පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව කිහිපයක් විසින් ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද විභාගයට ගැනෙනවා.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.
බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වනවා. “කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත නිසි ලෙස නීතියක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් හෝ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ප්‍රකාශ කරන ලෙසටයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.
ශ්‍රී ලංකා නීතීඥ සමංගමය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව රැසක් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.
(Neth)