Sunday, July 06, 2025
Follow Us
බස්නාහිර සහ තවත් පළාත් කිහිපයක ආසාදිතයින් වැඩිවීමේ ලකුණු

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර තිබේ.

මේ අනුව බස්නාහිර, වයඹ, උතුර සහ නැගෙනහිර පළාත්වල එම තත්ත්වයන් නිරීක්ෂණය වන බව ඔහු සඳහන් කරයි.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා,

“ඉතාම පැහැදිලිව ලංකාවේ මේ වෙද්දි අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම කරන්නේ නෑ. ඇතැම් පළාත් සභාවල ඊයේ දිනයේත් අපි දැක්කා අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා නොගන්නා ලෙස පණිවුඩ හුවමාරු වෙනවා. අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගත්තොත් අපි විශ්වාස කරනවා මීට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙයි. මේ වනකොට ලංකාවේ බොහෝ ප්‍රදේශවල රෝගීන්ගේ යම් යම් වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාත, වයඹ පළාත, උතුරු පළාත සහ නැගෙනහිර පළාතේ රෝගීන් වැඩිවීම වාර්තා වෙනවා. ඒ වගේම රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන රාශියක රෝගීන් වාර්තා වෙනවා අපිට පේන්න තියෙනවා. ඒ වගේම පෞද්ගලික රසායනාගාරවල පරීක්ෂණ සිදුකර වාර්තාවන රෝගීන් දැනුම්දීමේ ක්‍රියාවලියේ ගැටලු නිසා එම රෝගීන් නිවෙස් තුළත් රැඳී ඉන්නවා.”

(Aruna)