කුරුණෑගල ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයට අයත් තිත්තවැල්ගාල ගම්මානය සම්පූර්ණයෙන් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. එම ගම්මානයට ප්‍රවේශ වන මාර්ග සියල්ල පොලිස් මාර්ග බාධක යොදා වසා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ගම්මානය ආශ්‍රිතව කොවිඩ් 19 ආසාදිතයන් 33 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 04 දෙනෙකු අදාල ගම්මානයෙන් පිටත පුද්ගලයන් බවයි සෞඛ්‍ය අංශ අනාවරණය කරන්නේ.
තිත්තවැල්ගාල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පළමුව කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් 72 ක් පමණ පරීක්ෂණවලට භාජනය කිරීමෙන් පසු සෙසු ආසාදිතයන් පිරිස හමු වී තිබේ. ඉදිරි දින දෙක තුළදී මෙම ගම්මානයේ වාසය කරන සියලු දෙනා පරීක්ෂණවලට යොමු කිරීමට තීරණය කර ඇති අතර දැනට හඳුනාගෙන සිටින පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇති වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවන්ද පරීක්ෂණ සඳහා යොමු කිරීමට තීරණය කර තිබෙනවා.
ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන්නේ අවම වශයෙන් තවත් 200 කට පමණ වෛසරය ආසාදනය වී ඇතැයි සැක කරන බවයි. ඔවුන් ඉතා ඉක්මනින් හඳුනා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසනවා.
(LNW)