Sunday, July 06, 2025
Follow Us
මාස 07කට පසු බස්නාහිර දහම් පාසල් අද ඇරඹේ

මාස 7ක කාලයකට පසුව බස්නාහිර පළාතේ සියලුම දහම් පාසල් අද යළි විවෘත කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු පළාත්වල දහම් පාසල් අදියර කිහිපයක් යටතේ පසුගිය කාලයේ විවෘත කෙරුණා. කෙසේවෙතත් බස්නාහිර දහම් පාසල් විවෘත කිරීම ප්‍රමාද කරන්නට සිදු වූයේ සෞඛ්‍ය අංශවල උපදෙස් ලැබෙන තෙක් බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේවෙතත් සෞඛ්‍යාරක්ෂිත ලෙසින් මෙන්ම නිරෝධායන නීතිවලට අනුව දහම් පාසල් විවෘත කළ යුතු වනවා.

එමෙන්ම 2020 නොවැම්බර් මාසයේ තම දෙපාර්තමේන්තුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල් අවසාන ශ්‍රේණි පරීක්ෂණයද මැයි මස 9 වනදා පැවැත්වීමට කටයුතු කරන බවද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළා.

(Neth)