Saturday, July 05, 2025
Follow Us
අයහපත් කාලගුණයෙන් 1000කට අධික පිරිසක් පීඩාවට පත්වෙයි

මේ වන විට දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 324කට අයත් පුද්ගලයින් 1365දෙනෙකු පමණ පිඩාවට පත්ව තිබේ.

ඉන් වැඩි පිරිස මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවටකොරළේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ අනුව පවුල් 195ක පුද්ගලයින් 846දෙනෙකු පීඩාවට පත්ව තිබෙන බව සඳහන් ය.

එසේම කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 27කට අයත් පුද්ගලයින් 142 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි අයහපත් කාලගුණික තත්ත්වය නිසාවෙන් එක් නිවසකට පුර්ණ හානි සිදුව තිබෙන අතර නිවාස 113කට අර්ධ හානි සිදුව තිබෙන බව පැවසෙයි.

ඊයේ (16) පස්වරු 06.00 වන විට අකුණූ ගැසීම් සහ ජල ගැලීම් හේතුවෙන් මුලතිව්, බදුල්ල සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වී ඇත.

(Aruna)