Saturday, July 05, 2025
Follow Us
ඔබේ වාහනේත් අනතුරේ ?

මේ හොරා අල්ලන්න උදවු කළොත් ලක්ෂ 10ක තෑග්ගක්


රට පුරා වාහන වංචා රැසක් සිදුකර සැඟව සිටින පුද්ගලයකු සොයා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විමර්ශනයක් අරඹා තිබේ.

මොහු සම්බන්ධව තොරතුරක් ලබාදෙන පුද්ගලයකුට රුපියල් ලක්ෂ දහයක ත්‍යාගයක් ලබාදීමට පොලිස්පතිගේ අනුමැතිය හිමිවී ඇත.

රාෆික් මොහොමඩ් පාරුක් නමින් පෙනී සිටින සැකකරුගේ ජාතික හැදුනුම්පත් අංකය 761350446V වන අතර මොහු ලිපිනයන් තුනක් භාවිතා කරන බව පොලිස් මූලස්ථානය පවසයි. අංක 122/15/බී සුහද මාවත මාන්කඩ පාර කඩවත. අංක 133/5 නාමල් ටෙරස් වට්ටියගොඩ. අංක 89/03 රජමාවත, කනුවන, ජා ඇල. මොහුගේ ලිපිනයන් වේ.

මොහු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 0718592604 යන අංකයට හෝ 0112685958 අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය දන්වා සිටී.

කොල්ලකන ලද වාහනයක් රුපියල් ලක්ෂ 165කට විකිණීම, ව්‍යාජ අත්සන් යොදා පහළොස් ලක්ෂ පනස්දහසක් වටිනා වාහනයක් පවරා ගැනීම, රුපියල් ලක්ෂ 28ක් වටිනා මෝටර් රථයක් ලබාගෙන වංචා කිරීම, රුපියල් ලක්ෂ 30කට වැඩි වටිනා වෑන් රථයක් සොරකම් කිරීම ආදි​ චෝදනා රැසකට මොහු අවශ්‍යව ඇත.

(Aruna)