Friday, April 26, 2024
Follow Us
ලංකාවේ කතුන් 41කට මාස 18ක් සෞදියේ බලහත්කාරකම්

තුන්දෙනෙකුට දරුවන්
ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් කරන අනාවරණය මෙන්න


ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 41දෙනෙකු පමණ කිසිදු හේතුවක් නැතිව දීර්ඝ කාලයක් තිස්සේ සෞදි අරාබියාවේ රඳවාගෙන සිටින බව වාර්ථාවේ.

ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මාස 18 පමණ කාලයක් මෙම පිරිස රඳවා තබාගෙන සිටින නමුත් ඔවුන් රඳවා තබාගැනිමේ හේතුව පිළිබඳව කිසිදු නීත්‍යානුකූල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

මෙම කාන්තාවන්ගෙන් තිදෙනෙකුට කුඩා දරුවන් ද සිටින බව ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කළ විමසීමේදී අදාළ ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා සඳහන් කළ බව අද දෙරණ වෙබ් අඩවියේ වාර්ථා කර තිබුණි.

(Aruna)