Saturday, February 07, 2026
Follow Us
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 96,000 ආසන්නයට

මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 95949ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ (15) දිනය තුළ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් 212 දෙනාත් සමගය.

ඔවුන්ගෙන් 153 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර පොකුරෙන් 14 දෙනෙකු සහ විදෙස් රටවලින් පැමිණි 45 දෙනෙකු වශයෙන් සෙසු ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3033කි.

(LNW)