බස්රථ ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත් වෙමින් ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. මගී ජනතාවගේ අවශ්‍යතා පරිදි දුර ගමන් සේවා සහ අධිවේගී මාර්ගවල ලංගම බස්රථ ධාවනය මේ වනවිට සිදු වන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ. අද අළුයම් කාලයේ බස් රථ ධාවනය අවම මට්ටමක පැවතීමට හේතුව ලංගම සේවකයින් ගම්බිම් බලාගොස් තිබීම බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර අද පෙරවරුවේ ද ග්‍රාමීය මාර්ගවල බස් රථ ධාවනයේ අඩුවක් පැවති බව නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා. ගාල්ල සහ අවට ප්‍රදේශවල බස් රථ ධාවනය සිදුවන ආකාරය පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු රවින්ද්‍ර චන්ද්‍රලාල්ගෙන්.
මාතර සහ අවට ප්‍රදේශවල බස් රථ ධාවනය සිදුවන ආකාරය පිළිබඳ තොරතුරු සොයා බැලුවා, නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද.
දඹුල්ල සහ අවට ප්‍රදේශවල ජනතාව ද පොදු ප්‍රවාහන සේවා නොමැතිව පීඩාවට පත්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර ආරියදාස පැවසුවා.
(Neth)