Sunday, July 06, 2025
Follow Us
ලාංකිකයින් 1187දෙනෙක් දිවයිනට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගත වූ පැය 24 තුළ මගී ගුවන් යානා 40ක මෙහෙයුම් සිදු කරමින් ගුවන් මගීන් 2288 දෙනෙකුට ගුවන් පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.

ගුවන් යානා 19 කින් ගුවන් මගීන් 1187 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.පැමිණි ගුවන් මගීන් අතර කටාර් රාජ්‍යයේ දෝහා සිට 189දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 134 දෙනෙකු සිටියි.

ගුවන් මගීන් සියලු දෙනා නීරෝධායන ක්‍රියාවලිය සදහා සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබේ.

ගුවන් මගීන් 1101දෙනෙකු ගුවන් යානා 21කින් මෙම කාළසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබේ.

ඒ අතර සෞදි අරාබියේ රියාද් වෙත 255දෙනෙකු, ඉන්දියාවේ චෙන්නායි වෙත 170දෙනෙකු ද පිටත්ව ගොස් තිබේ.

(Aruna)