Tuesday, December 23, 2025
Follow Us
දංකොටුවෙන් හමුවූ පොල්තෙල් බවුසර්වල පිළිකා කාරක

පසුගිය දා දංකොටුව ප්‍රදේශයේ තිබියදී සොයාගත් පොල් තෙල් බවුසර්වලින් ලබාගත් සාම්පලවල ‘ඇෆලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අඩංගු බවට තහවුරු වී තිබේ.

ලබා ගත් පොල් තෙල් සාම්පල් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පරීක්ෂා කර ඇත.

ශ්‍රී ලංකා පොලීසිය විසින් එම බවුසර් සිය භාරයට ගෙන පසුව රේගුවට භාර දී තිබෙන අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව දිගටම පරීක්ෂණ පවත්වනු ලබයි.

ලබාගත් සාම්පල රජයේ රස පරීක්ෂකට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය වෙත යොමු කර ඇති අතර එහි වාර්තා බලාපොරොත්තුවෙන් සිටින බව රේගුව සඳහන් කරයි.

(Aruna)