Saturday, February 07, 2026
Follow Us
අන්තවාදී තහනම් සංවිධාන ලැයිස්තුව ප්‍රකාශ කෙරේ

අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සිලෝන් තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති අනුමැතිය ලබා දී තිබේ.

නීතිපති දප්පුල ද ලිවේරා අනුමැතිය ලබා දී ඇති බව නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කර ඇත.

එම සංවිධාන 11 පහතින්.

එක්සත් තව්හිද් ජමාත් (UTJ)
සිලෝන් තවුහිද් ජමාත් (CTJ)
ශ්‍රී ලංකා තව්හිද් ජමාත් (SLTJ)
සමස්ත ලංකා තව්හිද් ජමාත් (ACTJ)
ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා (JASM)
දාරුල් අදර් @ ජමි උල් අදර්
ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය / ජමියා (SLISM)
අයි එස් අයි එස් සංවිධානය (ISIS)
අල් කයිඩා (AL-Qaeda) සංවිධානය
සේව් ද පර්ල්ස් සංවිධානය (Save the pearls)
සුපර් මුස්ලිම් සංවිධානය (Super Muslim)

(Aruna)