Sunday, May 05, 2024
Follow Us
මෙරට ආහාරවල බැර ලෝහ පරීක්ෂාවට ක්‍රමවේදයක් නැහැ

මෙරට ඇති ආහාරවල බැර ලෝහ පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ඔහු ප්‍රකාශ කළේ මෙරට ඇති ආහාර සම්බන්ධයෙන් ඇත්තේ සාම්ප්‍රදායික විශ්ලේෂණ වාර්තා පමණක් බවයි.

එසේම උත්සව සමයේ මෙරටට ගෙන්වන මාළුවල විශාල වශයෙන් ආසනික් අඩංගුව පවතින නිසා එම මාළු පරිභෝජනය කිරීමේ දී සැලකිලිමත්වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ජනතාවට දැනුම් දෙයි.

එසේම මෙයට පෙර ලංකාවේ නිෂ්පාදිත පොල් තෙල්වලද ඇෆ්ලටොක්සින් අඩංගුව තිබූ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(Aruna)