ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අද යළි පෙනී සිටීමට නියමිතයි. ඉකුත් පෙබරවාරි මස 11 වනදා ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවේ පෙනී සිටිය ද එය අතරමග නවතා දැමුණා. ඒ, ක්‍රිකට් නිලධාරීන් නිසි සූදානමකින් තොරව කෝප් කමිටුව හමුවට පැමිණ සිටීම හේතුවෙන්.
ඒ අනුව කෝප් කමිටුව ඒ සඳහා සූදානම් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට මසක කාලයක් ලබාදෙනු ලැබුවා. ඒ අනුවයි ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අද කෝප් කමිටුව හමුවේ පෙනී සිටින්නේ.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා පත් කළ පංච පුද්ගල කළමණාකරණ කමිටුව අද සිට බලාත්මක වනවා. එම කළමණාකරණ කමිටුව ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන මැයි මස 20 වනදා තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදු කරනු ඇති. එම පංච පුද්ගල කළමණාකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ මහාචාර්ය අර්ජුන ද සිල්වායි. ලේකම් ලෙස ඈෂ්ලි ද සිල්වාත්, භාණ්ඩාගාරික ලෙස සුජීව මුදලිගේත් කටයුතු කරනවා. එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ නීතීඥ උචිත වික්‍රමසිංහ සහ අමල් එදිරිසූරියයි.
(Neth)