Saturday, February 07, 2026
Follow Us
තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට හෙට (06) පෙ.ව 8 සිට පැය 11 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට පෙ.ව 8 සිට ප.ව 7 දක්වා දක්වා නෙටොල්පිටිය, අලුත්ගොඩ, විතාරන්දෙණිය, රොටේ පාර, ඇත්ගාල් මුල්ල පාර, කපුහේනවල, මාරකොල්ලිය, වගේගොඩ, සැමුවෙල් මාවත, තංගල්ල තිස්ස පාර,තංගල්ල නගරයේ කොටසක්, පට්ටියපොල පාර නෙටොල්පිටිය, රැකව පාර ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

(Aruna)