Saturday, February 07, 2026
Follow Us
කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අප්‍රේල් 19 සිට

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අප්‍රේල් 19 සිට සිදුකරන බව අද (05) පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබේ.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව පැවසුවාය.

එසේම මේ වන විටත් දෙවන මාත්‍රාව සඳහා අදාළ එන්නත් 300,000ක පමණ තොගයක් වෙන්කොට තිබෙන බවද සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් මතුකළ පැනය කට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබේ.

(Aruna)