Saturday, February 07, 2026
Follow Us
දේවස්ථානයකට ඇතුළුවීමට උත්සහ කළ දෙදෙනෙක් අත්අඩංගුවට

හැඳුනුම්පත් නොමැතිව හොරණ ගල්ඒදඬුගොඩ දේවස්ථානයට පැමිණි පුද්ගලයන් දෙදෙනකු හොරණ පොලිසිය මගින් ඊයේ (4දා) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් දෙදෙනා 31 හා 62 හැවිරිදි හැටන් හා මන්නාරම පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

හොරණ ප්‍රදේශයේ බේකරියක රැකියාව කරන මොවුන් දෙදෙනාගේ හැඳුනුම්පත් එම බේකරියෙහි හිමිකරු විසින් රැගෙන තිබේ. එයට හේතුව මෙම පුද්ගලයන් වැටුප් රැගෙන යළි සේවයට නොපැමිණෙනු ඇතැයි හිමිකරු මෙලෙස හැඳුනුම්පත් තමා සන්තකයට ගත් බව පොලිසියට පවසා තිබේ.

කිතුනු භක්තියන් වන මෙම පුද්ගලයන් දෙදෙනා දේව මෙහෙයට පැමිණ ඇති අතර ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන්ට අනන්‍යතාව හෙළි කිරීමට අපොහොසත්වූ හෙයින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

(Aruna)