අප්‍රේල් පළමුවනදා සිට අඩු මිලට සහල් ලබාදෙන බව රජය ප්‍රකාශ කළ ද එම මිල ගණන් යටතේ ලබාගත හැක්කේ සහල් සීමාසහිත ප්‍රමාණයක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ රජය විසින් ලබාදෙන බවට ප්‍රකාශ කරන සහනය රටේ සියළු පුද්ගලයින්ට ලැබිය යුතු බවයි.
රජය මගින් ලබාදෙන බව ප්‍රකාශ කළ සහන මල්ල ද සෑම පුද්ගලයෙකුටම මිලදී ගැනීමේ අවස්ථාව හිමි නොවන බවයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපතිවරයා පැවසුවේ.
කෙසේවෙතත්, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ, සතොස හරහා ලබාදෙන සහන මල්ල තුළින් සතොස ඉතිහාසයේ වැඩිම ආදායම ඉකුත් පළමුවනදා වාර්තා වූ බවයි.
(Neth)