Sunday, March 29, 2026
Follow Us
දේශපාලන පලිගැනීම් වලට ලක්වූ පොලිස් නිලධාරීන් 50කගේ නම් අද කැබිනට් මණ්ඩලයට

ඉකුත් රජය සමයේ දේශපාලන පලිගැනීම්වලට ලක්වූ පොලිස් නිලධාරීන් 50 දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ, ඔවුන්ට හිමිවිය යුතු උසස් වීම සඳහා අනුමැතිය ලබා ගැනීමේ අරමුණින්.

මෙම පොලිස් නිලධාරීන් මීට පෙර දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ෂණය කෙරෙන ජනාධිපති කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව අදාල පොලිස් නිලධාරීන් පිරිස ඉකුත් රජය සමයේ දේශපාලන පලිගැනීම්වලට ලක්ව ඇති බවට එහිදී අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.

(Neth)