Friday, September 19, 2025
Follow Us
හදිසි මුස්‌ලිම් මරණ පරීක්‌ෂක ලෙස අලුත් තනතුරක්‌ නෑ

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ පුරප්පාඩු පිරවීමට අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මතයක් ප්‍රචාරය කිරීමට උත්සහ ගන්නා බවක් පෙනී යන බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව අලුතින් හදිසි මුස්ලිම් මරණ පරීක්ෂණ තනතුරක් ඇති කිරීමට අධිකරණ අමාත්‍යාංශය විසින් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධිකරණ අමාත්‍යංශ මාධ්‍ය ලේකම් චමිල විජේසේකර මහතා එම නිවේදනයේ දක්වා ඇත.

දැනට ස්ථාපිත කර ඇති තනතුරු වල පුරප්පාඩු ඇති වන අවස්ථාවල දී මෙතෙක් පැවති සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ පුරප්පාඩු පිරවීම හැර කිසිදු අලුත් තනතුරක් ඇටි කිරීමට වර්ථමාන අධිකරණ අමාත්‍යවරයා විසින් නියෝග කර නොමැති බව චමිල විජේසේකර මහතා එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)