Monday, July 07, 2025
Follow Us
පරණ යකඩ එකතු කරන ස්ථානයක පිපිරීමක්

අවිස්සාවේල්ල මාදොල මාර්ගයේ අබිලි යකඩ එකතුකරන ස්ථානයක සිදු වු පිපිරීමකින් එක් අයෙක් මිය ගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා තිබේ.

එම ස්ථානයේ එක් සේවකයෙක් යම් අබිලි ද්‍රව්‍යක් ගැස් ලාම්පුවක් උපයෝගි කරගනිමින් කැපිමේදී එය පුපුරා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් අවිස්සාවේල්ල පොලීසිය විසින් සිදු කරන බවත් රජයේ රස පරීක්ෂකවරයා සිද්ධිය වු ස්ථානයට කැඳවා ඇති බවත් අජිත් රෝහණ මහතා පැවසීය.

(Aruna)