Sunday, February 08, 2026
Follow Us
වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රීයේ ජල සැපයුම අත්හිටුවයි

වත්තල අවට ප්‍රදේශ කිහිපයකට ලබන අද (31) රාත්‍රී 10.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද රාත්‍රී 10 සිට අප්‍රේල් 01 වැනි දා පස්වරු 4.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

වනවාසල, ඔලියමුල්ල, වත්තල මීගමු පාර, ඇවරිවත්ත පාර, තෙලගපාත, මීගහවත්ත, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලහදූව, මරදාන පාර, හැදල පාරේ කොටසකට සහ ඇලකන්ද ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

හේකිත්ත මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)