Sunday, February 08, 2026
Follow Us
පානදුරදී වෑන් රථයක් හදිසියේ ගිනි ගනී

පානදුර – හොරණ ප්‍රධාන මාර්ගයේ වෑකඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ගිනිගෙන ඇති බව පානදුර දකුණ පොලිසිය සඳහන් කරයි.

බණ්ඩාරගම දෙස සිට පානදුර දෙසට මෙම වෑන් රථය ගමන් කර ඇති අතර එහි පිටුපසින් ගින්නක් ඇති වන අයුරු මාර්ගයේ ගමන් කළ යතුරු පැදිකරුවෙකු දැක රියැදුරුට දන්වා තිබේ.

ගින්න වැඩි වීමත් සමග වාහනය මාර්ගය අසල තිබුණු ඖෂධ වෙළෙඳ සලක් ඉදිරිපිට නවතා රියැදුරු සහ එහි පැමිණි තවත් පුද්ගලයෙකු වෑන් රථයෙන් පැන දිවි බේරාගෙන ඇති බව වාර්තා වේ.

මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ රථයක් යොදා ගින්න මැඩ පවත්වා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් වැඩිදුර විමර්ෂණ සිදු කරනු ලබයි.

(Aruna)