Sunday, February 08, 2026
Follow Us
ස්පුට්නික් ලක්ෂ 70ක් මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කරයි

කොවිඩ් මර්දනය සදහා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 70ක් මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.

ඒ සදහා වන ගිවිසුම් වලට අත්සන් තැබීම අද (31) දිනයේ සිදුවිය.

ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහ රුසියාවේ ගැමීලියා ආයතනයේ නියෝජිතයන් අතර මෙම ගිවිසුම්වලට අත්සන් තබා තිබේ.

ස්පුටිනික් එන්නත් මාත්‍රා ලක්ෂ හැත්තෑවක් මිලදි ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ලැබී ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.

එම එන්නත් තොගයේ පළමු කොටස ලබන අප්‍රේල් මස මැද භාගයේදී මෙරටට ලැබීමට නියමිතයි.

(Aruna)