Monday, July 07, 2025
Follow Us
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරයි

ඉන්දියාවේ පැවැති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා.

මේ හේතුවෙන් ඔහු ඇතුලු එම තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සියළු ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

ශ්‍රී ලංකාව සමගින් අවසන් මහා තරඟයේදී ක්‍රීඩා කළ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව්දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස මීට පෙර හදුනා ගැනුනා.

ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක සචින් ටෙන්ඩුල්කාර්, යූසුෆ් පතාන්, එස් බද්‍රිනාත් සහ ඉර්ෆාන් පතාන් එලෙස කොරෝනා ආසාදිතයින් ලෙස හදුනා ගැනුනු ක්‍රීඩකයින්.

මේ වන විට ස්වයං නිරෝධායනට යොමුකර ඇති ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් සදහා ලබන සෙනසුරාදා යළී පී සී ආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

(Neth)