ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම්වරයෙකු පවසා සිටියේ මුස්ලිම් ජනතාව 5000ක ජනගහනයක් සිටින සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මුස්ලිම් ජාතික මරණ පරීක්ෂකවරයෙකු පත් කළ යුතු බවට තමාට නියෝගයක් ලැබී ඇති බවයි.
එසේ ජාතිවාදී පදනමින් රජයේ පත්වීම් සිදුකිරීම ව්‍යවස්ථා විරෝධී වන බවද ඔහු සඳහන් කරයි. කෙසේ වෙතත් ඊට එරෙහිව කථා කිරීමට නිළධාරින් මැළි වන්නේ අමාත්‍යය අලි සබ්‍රි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පවතින කිට්ටු සම්බන්ධය නිසා බවද ඔහු සඳහන් කළේය. ඒ ආකාරයට ජාතිවාදි පදනමින් රාජ්‍යය සේවය තුළ පත් කිරීම් සිදු කිරීම ඉතිහාසයේ කිසි දිනක සිදු නොවූ බවද එම නිළධාරියා සඳහන් කළේය.
(Lanka LEads)