Sunday, February 08, 2026
Follow Us
සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් රැගත් ගුවන් යානයක් අද දිවයිනට

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් අද පෙරවරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. ඒ, චීනයේ බීජිං නුර සිට පැමිණෙන විශේෂ ගුවන් යානයකින්. මෙම එන්නත් මාත්‍රා තොගය චීන රජය ශ්‍රී ලංකාවට ලබාදෙන්නේ ප්‍රදානයක් ලෙසයි. එම එන්නත් තොගය රැගත් විශේෂ ගුවන් යානය අද පෙරවරු 11 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතව තිබෙනවා.

චීන රජයේ ප්‍රදානයක් ලෙස හිමි වන එම එන්නත් තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාර ගැනීමට නියමිතයි. මෙම එන්නත් මාත්‍රා පළමුවෙන් මෙරට වෙසෙන චීන වැසියන් වෙත ලබාදීමට නියමිත බවයි සෞඛ්‍ය සේවා, වසංගත හා කොවිඩ් 19 රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

සිනොෆාම් එන්නත ද මාත්‍රා දෙකක් ලබාගත යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ වනවිට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙරට වැසියන් නවලක්ෂයකට අධික පිරිසක් සඳහා ලබා දී තිබෙනවා.

(Neth)