Sunday, February 08, 2026
Follow Us
ඇමරිකාව සොරාගත් බුද්ධ ප්‍රතිමා ​2ක් නැවත ලංකාවට

ශ්‍රී ලංකාවෙන් සොරකම් කරන ලද 18 වැනි ශත වර්ෂයට අයත් යැයි සැලකෙන බුද්ධ ප්‍රතිමා දෙකක් එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට භාරදී ඇත.

මෑන්හැටන් දිස්ත්‍රික්කයේ නීතිපතිවරයාගේ උපදෙස් මත කෙරුණු අපරාධ පරීක්ෂණයේදී මෙම ඓතිහාසික වටිනාකමක් සහිත බුද්ධ ප්‍රතිමා දෙක සහ තවත් පුරාවස්තු හා කලා කෘති 2500ක් පමණ සොයාගෙන තිබේ.

අදාළ පුරාවස්තු ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, කාම්බෝජය, තායිලන්තය, ඉන්දුනීසියාව, නේපාලය, ඇතුළු ආසියානු කලාපයේ රටවලට අයත් යැයි සැලකේ. මෙම පුරාවස්තු තොගයේ සමස්ත වටිනාකම ​ඩොලර් මිලියන 143ක් ලෙස ගණන් බලා ඇත.

මෙම පුරාවස්තු තොගය ශ්‍රී ලංකාවට අයත් බුද්ධ ප්‍රතිමා දෙක නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් සහ එක්සත් ජනපදයේ ශ්‍රී ලාංකික තානාපති කණ්ඩායම වෙත නිල වශයෙන් භාරදීම පසුගියදා සිදුකෙරිණි.

(Aruna)