Monday, July 07, 2025
Follow Us
ආනයනික පොල්තෙල්වල පරීක්‍ෂණ වාර්තාව රේගු අධක්‍ෂ්‍ය ජනරාල්වරයාට

සමාගම් 4 කින් මෙරටට ආනයනය කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් නම් පිළිකා කාරකය අඩංගු දැයි සිදුකළ දෙවන සාම්පල පරීක්‍ෂවේ අවසන් වාර්තාව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත අද භාරදී තිබෙනවා.

සමාගම් 4 ක් ගෙන් වූ එම පොල්තෙල් තොගයේ විස රසායන ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදුකළ පළමු සාම්පල් පරීක්‍ෂාවේදී අනාවරණ වුණා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පැවසුවේ එක් ආයතනයක් මෙරටට ආනයනය කළ පොල්තෙල් වල එම පිළිකා කාරකය අඩංගු බව සිදුකළ දෙවන පරීක්ෂණයෙන් ඊයේ වාර්තා වු බවයි.

ඒ අනුව අනෙකුත් ආයතන 03 විසින් ආනයනය කරන ලද පොල්තෙල්වලට අදාළ දෙවන සාම්පලවල පරීක්ෂණ වාර්තාව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත අද භාරදුන් බවයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පැවසුවේ.

(Neth)