Sunday, February 08, 2026
Follow Us
පොලිසියට සුනඛයින් සොයයි

පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ අංශයට සුනඛයන් බඳවා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව වාර්තා වේ.

පුපුරන ද්‍රව්‍ය සහ විවිධ අපරාධවල සැකකරුවන් අල්ලා ගැනීම සඳහා ඔවුන් යොමු කිරීමට නියමිත අතර සුනඛයින් 6ඔදෙනෙකු බඳවා ගැනීමට මෙලෙස ටෙන්ඩර් කැඳවා ඇති බව වාර්තා වේ.

මේ සඳහා පෞද්ගලික සමාගම් 04ක් ටෙන්ඩර් යවා ඇති බවද වාර්තා වේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ දැනට සිටින සුනඛයින් විශ්‍රාම යෑමෙන් මෙන්ම මිය යෑමෙන් සුනඛ හිඟයක් මතුව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි

(Aruna)