Monday, July 07, 2025
Follow Us
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 92088ක් දක්වා ඉහළට

මෙරටින් මෙතෙක් තහවුරු කළ සමස්ත කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 92088ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ (28) දිනය තුළ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් 249 දෙනාත් සමගය. ඔවුන් අතරින් 237 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර සෙසු 12 දෙනා විදෙස් රටවල සිට පැමිණි අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

දැනට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් ආසාදිතයින් සඛ්‍යාව 2904ක් වන අතර සුවය ලබා රෝහල් වලින් පිටවූ මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 88623ක් වේ.

(LNW)