Tuesday, July 08, 2025
Follow Us
බස්නාහිර සියලු පාසල් අද ඇරඹෙයි

බස්නාහිර පළාතේ පාසල්වල පළමු ශ්‍රේණිය ද ඇතුළුව මෙතෙක් විවෘත නොකළ සෙසු ශ්‍රේණි අද (29 වැනිදා) ආරම්භ කෙරේ.

පාසල් ආරම්භ කළ වහාම විභාග සහ වෙනත් තරගවලට දරුවන් යොමු නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් පළාතේ සියලු විදුහල්පතිවරුන් වෙත දන්වා තිබේ.

එමෙන්ම පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වන සේ පන්ති පැවැත්විය යුතු වන අතර ඒ අනුව සිසුන් පහලොව දක්වා සිටින පන්ති සෑම දිනකම පැවැත්විය යුතු වෙයි. සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් සිසුන් කැඳවිය යුතු වන අතර සිසුන් සංඛ්‍යාව 30කට වැඩි නම් කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පන්ති පැවැත්විය යුතු යැයි ද එම චක්‍රලේඛයේ සඳහන්ව තිබේ. අධ්‍යයන හා අනධ්‍යයන සියලු කාර්ය මණ්ඩල සේවයට පැමිණිය යුතු බවත් එහි සඳහන් වෙයි. සෙසු පළාත්වල පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන අතර පළමු වාරයේ නිවාඩුව අප්‍රේල් මස 09 වැනිදා ආරම්භ කෙරේ. දෙවැනි වාරය සඳහා පාසල් යළි ආරම්භ කෙරෙන්නේ අප්‍රේල් මස 19 වැනිදාය.

(Aruna)