යාපනය දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ඊයේ (27) දිනයේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිතයින් 143දෙනෙකු හදුනාගෙන ඇත.
උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ.කේදීශ්වරන් මහතා පැවසුවේ යාපනය තිරුනෙල්වේලි පොළ තුළ සහ එහි වෙළෙඳසැල් තුළ සේවය කළ 127 දෙනෙකු සහ යාපනය රෝහලින් 11 දෙනෙකු හඳුනාගත් බවයි.
යාපනය රෝහල් පරිශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින් අතර රෝගීන් 7ක්, වෛද්‍ය සිසුන් 3ක් සහ රෝහල් සාත්තු සේවකයෙක් වේ.
ගතවු සතියක කාලය තුළ යාපනය දිස්ත්‍රික්කය තුළින් හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 292ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම තත්ත්වයත් සමග යාපනය නගරයේ කොටසකට සංචරණ සීමා පනවා ඇත.
යාපනය පොළ භූමිය, තිරුනෙල්වේලි පොළ භූමිය, යාපනය කොටුව සීමාව, කන්කසන්තුරය මාර්ගය හඳුනාගත් ස්ථාන, යාපනය පැරණි බස් නැවතුම්පොළ ඇතුළු ස්ථාන රැසකට සංචරණ සීමා පනවා තිබේ.
(Aruna)