Tuesday, July 08, 2025
Follow Us
වනවාසල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

වනවාසල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන 31 වැනි දා රාත්‍රී 10.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව 31 වැනි දා රාත්‍රී 10.00 සිට 01 වැනි දා පස්වරු 4.00 ක දක්වා වනවාසල, ඔලියමුල්ල, වත්තල මීගමු පාර, ඇවරිවත්ත පාර, තෙලගපාත, මීගහවත්ත, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලහදූව, මරදාන පාර, හැදල පාරේ කොටසකට සහ ඇලකන්ද ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

හේකිත්ත මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)