Tuesday, July 08, 2025
Follow Us
පතලක සිරවී දෙදෙනෙකු මරුට

අවිස්සාවේල්ල පොලිස් වසමේ වෙරලුපිටිය ප්‍රදේශයේ මැණික් පතලක් තුල සිරවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කර තිබේ.

ඊයේ (27) රාත්‍රී 7.00ට පමණ එම සිද්ධිය වාර්තා වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පැවති වර්ෂාව සමග පතල තුල විදුලිය විසන්ධි වීමක් සිදුව ඇති අතර ඒ සමග පතල තුලට ගොස් සිටි දෙදෙනෙකු අනතුරට මුහුණපා ඇත.

මියගිය දෙදෙනාගේ මෘත ශරීර මේ වනවිට පත්ලෙන් ගොඩට ගෙන අවිස්සාවේල්ල රෝහලේ තැන්පත්කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි සහ 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

වැඩිදුර විමර්ශන සිදුකෙරෙන අතර අදාළ පතල සම්බධයෙන් ද පොලීසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

(Aruna)