Tuesday, July 08, 2025
Follow Us
යාපනය රෝහලටත් කොරෝනා යයි

යාපනය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු, රෝගීන් 6 දෙනෙකු හා රෝහල් සේවකයින් පිරිසක් ඇතුළු 19 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (26) තහවුරු වී තිබේ.

අදාළ ආසාදිතයින් පිරිස නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බව යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය එස්. ශ්‍රීබවානන්දරාජ් මහතා පවසයි.

ඒ අනුව රෝහල් පරිශ්‍රය විෂබීජහරණය කිරීමට ද කටයුතු කර ඇති අතර රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූවත් රෝගීන් බැලීමට පැමිණීමේදී අත්‍යවශ්‍ය පුද්ගලයින් පමණක් පැමිණෙන ලෙස රෝහල් අධ්‍යක්ෂකවරයා ඉල්ලීමක් සිදු කරයි.

යාපනය දිස්ත්‍රික්කය තුළින් කොවිඩ් ආසාදිතයින් වැඩිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් යාපනය දිස්ත්‍රික්කයේ කොටසකට සංචරණ සීමා පනවා ඇති බවද උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ.කේදීශ්වරන් මහතා පැවසීය.

(Aruna)