Tuesday, July 08, 2025
Follow Us
පවුල් පහළොස්දහසක් නායයෑමේ අවදානමක

නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග නායයෑමේ වැඩි අවදානමක් සහිත ප්‍රදේශවල පදිංචි පවුල් 15000ක් මේ වන විට හඳුනාගෙන ඇත.

එහෙත් ඔවුන් එම අවදානම් තැන්වලින් ඉවත් කිරීමට නොහැකි වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්‌යේසණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන පවසයි.

අවදානම් කලාපවල සිටින මෙම පවුල් 15000 එම ස්ථානවලින් ඉවත් කර සුරකෂිත ස්ථානවල පදිංචි කිරීම සඳහා තනි නිවාස වෙනුවට නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු යොදා තිබේ.

කෙසේ වෙතත් පසුගිය වසරේ රට තුළ පැවති කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් මෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට ප්‍රමාද වී තිබේ.

එසේම ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනය මගින් ස්ථානීය පරීක්ෂණ සිදු කර මහනුවර, නුවරඑළිය, මාතර, මාතලේ, කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්ක දහයකට අයත් ප්‍රදේශ මෙලෙස අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. එම ප්‍රදේශ තුළින් අවදානම් ඉදිකිරීම් වැඩිම දිස්ත්‍රික්කය ලෙස මහනුවර හඳුනාගෙන තිබේ.

(Aruna)