Tuesday, July 08, 2025
Follow Us
අවුරුදු 02කට අලි වැටට වැය කළ කෝටි 49ක් වතුරේ යයි

ඉකුත් වසර දෙකක කාලය තුළ අලි මිනිස් ගැටුම් වැළැක්වීම සදහා අලි වැට ඉදිකිරීමට රුපියල් කෝටි 49 ක් වැය කළද එමගින් අලි මිනිස් ගැටුම අවම වීමක් සිදුව නොමැති බව පාර්ලිමේන්තුවේදී අනාවරණ වී තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණගේ සභාපතිත්වයෙන් රැස්වූ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදීයි.

වන අලීන් ගම්වැදීම වැළැක්වීම සදහා 2019 වසරේදී විදුලි වැට ඉදිකිරීමට රුපියල් විසි හත් කෝටි පනස් හතර ලක්‍ෂ 47,639 ක මුදලක් වැය කර තිබෙනවා. 2020 වසරේ ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් විසි දෙකෝටි පහලොස් ලක්‍ෂ 5,818 ක් බවයි රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී අනාවරණ වී ඇත්තේ. එම වසර දෙක තුළ ඉදිකරන ලද විදුලි වැටවල සම්පූර්ණ දිග කිලෝමීටර් 4,756 ක්.

මේ අතර මෙම වසරේ මාර්තු 23 වන දින දක්වා කාලය තුළ අලි මිනිස් ගැටුමෙන් පුද්ගලයන් 28 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. එම කාලය තුළ අලි මරණ 83 ක් වාර්තා වී ඇති බවයි රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.

(Neth)