පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මද්‍රසා පාසලක සේවය කළ ගුරුවරු දෙදෙනා ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබුණි. මොවුන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ.
මොවුන් දෙදෙනා වයස අවුරුදු 26 සහ 27 යන වයස්වල පසුවන හලාවත සහ මදුරන්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ ‘ මෙම පුද්ගලයින් දෙදෙනා සේවය කරමින් සිටි මද්‍රසා පාසලට පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවා වන සහරාන් හෂීම් නමැත්තා පැමිණ දරුවන් සඳහා දේශන පවත්වා ඇති බවට වාර්තා වී ඇති බව ය. මේ අනූව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
(Aruna)