Tuesday, July 08, 2025
Follow Us
උත්සව සමයේ වස විස ආහාර විකුණන වෙළෙඳුන්ට නීතිය තදින්ම

එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වස විස අඩංගු ආහාරපාන අලෙවි කරන වෙළෙඳුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

උත්සව සමයේදී රසකැවිලි නිෂ්පාදනය සඳහා භාවිත කරන පොල්තෙල් හා පැණි වර්ග පිළිබඳව විශේෂ අවධානය යොමුකරන ලෙසත් ආහාරද්‍රව්‍යවලට කවලම් කරන ඩයිවර්ග, රසකාරක පිළිබඳව විශේෂයෙන්ම සොයාබැලීමක් කරන ලෙසක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇතැයි සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කරයි.

විශේෂයෙන්ම ඉදිරිදිනවලදී කල් ඉකුත් වූ කේක්, බිස්කට්, බීම වර්ගය ආදියේ ලේබල් වෙනස් කර අලෙවි කරන බැවින් ඒ පිළිබඳව වඩාත් විමසිල්ලෙන් පසුවන ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කොරෝනා වසංගතය හමුවේ බොහෝ වෙළෙඳසල්වල භාණ්ඩ අලෙවි කර ගැනීමට නොහැකි වූ බැවින් එම ආහාර ද්‍රව්‍ය තොග විශාල වශයෙන් ඉතිරිව පවතින අතර කල් ඉකුත් වූ භාණ්ඩ වෙළෙඳපොළ වෙත නිකුත්වීමට බොහෝ දුරට ඉඩ ඇත. එබැවින් භාණ්ඩ මිලදී ගැනීමේදී භාණ්ඩයේ කල් ඉකුත් වූ දිනය පිළිබඳව වඩාත් කල්පනාකාරී වන්නැයිද ඇසුරුම් නොකරන භාණ්ඩවල පැහැය සුවඳ හා පුස්වර්ග බැඳී ඇද්ද යන්න පිළිබඳව වඩාත් සුපරික්ෂාකාරී වන්නැයි සංගමය ජනතාවට දැනුම් දී සිටියි.

(Aruna)