Tuesday, July 08, 2025
Follow Us
යාපනයේ වීදි දෙකක් හුදෙකලා කරයි

කොවිඩ් ආසාදිතයින් හමුවීම හේතුවෙන් යාපනය නගරයේ වීදි දෙකක් හුදෙකලා කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ, පසුගිය දින කිහිපයේදී යාපනය නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 77දෙනෙකු පමණ එම ප්‍රදේශයෙන් වාර්තා වීම හේතුවෙනි.

ඒ අනුව යාපනය නගරයේ කස්තුරි පාර, පවර්හවුස් පාර, කන්කසන්තුරේ මාර්ගයේ මනිපායි මංසන්ධිය දක්වා වූ මාර්ගවල කොටස් කිහිපයක් වසා දමා තිබේ.

මේ අතර එම කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ද නිරෝධායනය සඳහා යොමුකර ඇති බව යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ. කේතීස්වරන් මහතා පැවසීය.

 

(Aruna)