Sunday, February 08, 2026
Follow Us
කොවිඩ් මරණ 554ක් දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 554ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ, ඊයේ (24) දිනයේ සිදුවූ කොවිඩ් මරණ දෙකක් සමගයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65ක කාන්තාවක් සහ, කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

(Aruna)