Tuesday, July 08, 2025
Follow Us
කුවේට් රාජ්‍යයෙන් ලාංකිකයන් පිරිසක් පිටුවහල් කෙරේ

කුවේට් රජයෙන් පිටුවහල් කරන ලද ලාංකිකයන් 112 දෙනෙකු එරට විශේෂ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙන බව ගුවන්තොටුපල කාර්යය භාර නිලධාරියා සඳහන් කරයි.

එම පිරිස අද අලුයම 2.40ට කුවේටයේ සිට ජසීරා ගුවන් සේවයේ ජේ.එන්.- 551 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබේ.

ලොව පුරා පැතිරගිය කොවිඩ් වසංගතයට බියෙන් තමා සේවය කරන නිවෙස් වලින් එම පිරිස පළාවිත් තිබෙන අතර පසුව එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇත. ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් එම පිරිස මෙසේ අද උදෑසන ලංකාව වෙත පිටුවහල් කර තිබෙන බව සඳහන් ය.

ඒ අනුව පැමිණි මෙම පිරිස ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන , ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරමින් , ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගෙන තිබේ .

(Aruna)