Tuesday, July 08, 2025
Follow Us
හදුනා නොගත් ක්‍ෂය රොගීන් 4,000කට වැඩි පිරිසක් සමාජයේ

ලෝක ක්‍ෂය රෝග දිනය අදට යෙදී තිබෙනවා. ක්ෂය රෝගය හේතුවෙන් වසරකට මෙරටදී පුද්ගලයින් 500 ත් 600 ත් අතර සංඛ්‍යාවක් මිය යන බවයි සෞඛ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව මෙරට තුළ හදුනා නොගත් ක්‍ෂය රෝගීන් 4,000 ත් 5,000 ත් අතර ප්‍රමාණයක් සමාජයේ සිටින බව ද ක්ෂයරෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය, වෛද්‍ය සුවනි දසනායක සදහන් කළා.

සෞඛ්‍ය වාර්තාවලට අනුව දරුවන් ක්‍ෂය රෝගයට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

(Neth)