මාර්ග අනතුරු අවම කිරීම සදහා මෙරට ක්‍රියාත්මක මෝටර් රථ රක්ෂණ ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බව වරලත් ප්‍රවාහන හා ලොජිස්ටික් ආයතනයේ ගෞරව සාමාජික රොහාන් අබේවික්‍රම පවසනවා. මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් ප්‍රවාහන අමාත්‍යංශය ඇතුලු අදාළ පාර්ශ්වයන්ට ද ඉදිරිපත් කර ඇති බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහන එක්වෙමින් ඔහු සදහන් කළේ.
රට තුළ දිනෙන් දින වැඩිවන මාර්ග රිය අනතුරු අවම කරගැනීම සදහා ගත හැකි ක්‍රියාමර්ග පිළිබද මෙම වැඩසටහනේදී දීර්ඝ වශයෙන් සංවාදයට ලක් කෙරුණා. මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන සහ කාර්යෝපාය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ මෙම වැඩසටහනට එක්වෙමින් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු දැක්වුවා.
(Neth)