Monday, September 28, 2026
Follow Us
කොළඹ වෙළඳසැලක ගින්නක්

මරදාන පොලිස් වසමේ අංක 248/30, ශ්‍රි සංඝරාජ මාවත, කොළඹ 10, ලිපිනයේ අවන්හලක අද(24) අලුයම ගින්නක් හට ගෙන තිබේ.

මුලුතැන්ගෙයි ගෑස් ටැංකියේ පිපිරිමක් හේතුවෙන් මෙම ගින්න හට ගෙන ඇති බවට පොලිසිය සැක පල කරන බව වාර්තා වේ.

මේ මොහොතේ කොළඹ මහ නගර සභාවේ රථ 05ක් යොදා ගනිමින් සම්පුර්ණයෙන්ම ගින්න මැඩ පවත්වා තිබෙන බව වාර්තා වේ.

ගින්න හේතුවෙන් මුලුතැන්ගෙයි සිටි අවුරුදු 46 ක, බලපිටිය ප්‍රදේශයේ පදිංචි කරැවෙක් එම ස්ථානයේම මිය ගොස් ඇත.

(Aruna)