Tuesday, July 08, 2025
Follow Us
ප්‍රධාන නගර ආශ්‍රිත ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය පහළට

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කර සිටින්නේ, සුළඟේ දිශාව වෙනස්වීම, කැලි කසළ පිලිස්සීම මෙන්ම නගරවලට දෛනිකව ඇතුළුවන රථ වාහන සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් කොළඹ, කුරුණෑගල, ගම්පහ සහ යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බවයි.

අද පෙරවරු 8.00 වනවිට ගම්පහ නගරයේ වායු ගුණාත්මක අගය ඒකක 117 ලෙස සටහන් වූ අතර කොළඹ ප්‍රදේශයේ පැවතියේ ඒකක 95 ක් ලෙසය.

මහනුවර ප්‍රදේශයේ වායු ගුණාත්මකභාවය ද පහළ ගොස් ඇති අතර , එය ඒකක 91 ක් ලෙස සටහන්ව තිබූ බව වාර්තා වේ.

(Lanka Leads)