පස්සර 13 -කණුව ප්‍රදේශයේදී අනතුරට ලක්වූ අර්ධ සුඛෝපභෝගී බස් රථය ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිරීක්ෂණයට ලක්වන ජී.පී.එස් තාක්ෂණය භාවිත කර නැතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරන්ඩා අරුණට ඊයේ (22 වැනිදා) පැවසීය.
එම බස් රථයට ජී.පී.එස් තාක්ෂණ සිම් පත ලබාගෙන ඇතත් එය සවිකර ගැනීමට අපොහොසත් වී ඇතැයිද එනිසා එම බස් රථය පද්ධතිය හා සම්බන්ධ වී නැති බවද හෙතෙම කීවේය.
දුරගමන් සේවා බස් රථවල ධාවන වේගය හා ගමන් මාර්ගය නිරීක්ෂණය කිරීම සඳහා සකස් කර ඇති ජී.පී.එස් මෙහෙයුම් පද්ධතිය හා සම්බන්ධ වී ඇත්තේ බස් රථ (3069) අතරින් එක්දහස් එකසිය හැට අටක් (1168) පමණක් යැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ තත්ත්වාරක්ෂක ඒකකයේ අධ්‍යක්ෂ ෂෙරින් අතුකෝරල ‘අරුණ’ කළ විමසුමකදී කියා සිටියාය.
දුරගමන් සේවා සාමාන්‍ය බස් රථ 1937ක් අතරින් බස් රථ 129ක් සඳහා පමණක් ජී.පී.එස් පහසුකම් ලබාගෙන ඇති බවත් බස් රථ 1808 ක් එම පහසුකම් ලබාගෙන නැති බවත් කියයි.
(Aruna)